Tuesday, February 9, 2010

නිදහස් අදහස්

ඔලුවට(හිතට) එක එක අදහස් එන එක පුදුමයක් නෙවෙයි. ප්‍රශ්නය තියෙන්නෙ අපි කොහොමද අපේ අදහස් ප්‍රකාශ කරන්නෙ කියන එකයි.මොකද පාර මැදට ගිහින් කෑගහන්නයැ.ඉතින් ඕකට පොත් පත්තර ගහන්න බැරි නිසා මට හිතුනා සයිබරය ප්‍රකාශන මාධ්‍යය කරගන්න. ගහට ගහක් මොර‍ටුවේදි හමුවෙනවා වගේ කාක්කොයි-කාක්කොයි මයිනොයි-මයිනොයි එකට එකතුවෙන්න, මේ ඉන්න සයිබරයේ ප්‍රජාව හොඳටම ඇති.එච්චරටම නියැඳිය ලොකුයි.ලෝකෙ වැරදි හොයන්න කලින් අඩුම තරමේ ස්වයං විවේචනයකින් අත්දැකීම් විවේචනය කරගන්න හරි පුලුවන්නෙ.......
අදහස් ප්‍රකාශ කිරීම ගැන කියන කොට මට මතක් උනා නෝමන් රොක්වෙල්(Norman Percevel Rockwell) ප්‍රසිද්ධ සිත්තරා(අරුණි ශපීරෝ මහත්මිය මෙයා ගැන වටින බ්ලොග් පෝස්‍ටුවක් ලියල තිබුනා).එයාගේ ප්‍රසිද්ධ සිතුවමක් තියනව
Freedom of speech කියල.චිත්‍රෙන් නිරූපනය වෙන දේවල් ඔයගොල්ලම බලාගන්නකො.


Freedom of speech-Norman Rockwell

අදට ඇති.
B.S

1 comment:

  1. අලුතින් පටන් ගත්ත අඩවියට සුබ පැතුම්. හැබැයි පුංචි කාරණාවක් තියෙනවා. නිදහස් අදහස කියන නමින් මම බ්ලොග් එකක් කරනවා අවුරුදු 2 ක විතර ඉඳල. පුලුවන් ඒ ගැන පඔඩ්ඩක් සලකල බලන්න

    ස්තූතියි

    http://nidhahasa.wordpress.com

    ReplyDelete