Thursday, February 25, 2010

Like what you do or Do what you Like

මේක නම් ලියන්නම හිතුන මොකද මමත් පහුගිය සති දෙක තුනේ මේ සිද්ධිය හරියටම තේරුම් අරගෙන තිබුනෙ නෑ.දැනුත් තේරෙනවටම නෙමේයි ඒ උනාට මෙහෙම දෙයක් තියනව.
කොහෙන්ද පටන් ගන්නේ...........???
හරි....
අපි විශ්ව විද්‍යාලයේ දෙපාර්තමේන්තු වලට බෙදපු මුල් දවස් වල ගුරුවරු කියපු දෙයක් තමයි "Like what you do or Do what you like".ඒකට හේ තුව කාටත් ඕන වෙලා තිබුනෙ හොඳයි කියල සම්මතයේ තියන දෙපාර්තමේන්තු වලට පැනගන්න (ඒක මහ මුලාවක් කියල දැන් තමයි තේරෙන්නෙ). සමහර ළමයින්ට කැමති ඒවට යන්න බැරිවෙලා.තවත් අය ‍රැල්ලට අහුවෙලා දෙපාර්තමේන්තු වලට ගිහින් අතරමන් වෙලා.ඉතින් සර්ල කියපු කතාවෙ දල අදහස අපිට කරන්න වෙන්නෙ අපි සතු‍ටුම දේ නෙවෙයි එක්කො ඔබ තනියම ඔබේ මාර්ගය හදාගන්න නැතිනම් කරනා දෙය හරියට කර සතු‍ටුවන්න වගේ දෙයක් තමයි.
අපිට කොහෙද ඕව තේරෙන්නෙ ඒ කාලෙ.
දැන් මේ පෝස්ට් එක ලෝකෝපකාරයේ මුහුනුවර ගන්නයි යන්නෙ වඩේ අවුල්...
මෙතන තියන හොඳ දේ ඒක නෙවෙයි.මේ දවස් වල අපි විශ්වවිද්‍යාල පාටමාලාවෙම කොටසක් වන Industrial Training සඳහා ආයතන වලට යොමු කරල.අමුතුවෙන්ම් කියන්න ඕන නැනෙ එතනත් පොරේ තමයි.ටිකක් ලොකු රටේ පිලිගත් ආයතනයක වාඩ කරන්නත් ලැබුන කියමුකො. ලෝකෙට ලොක්ක වගේ ගියාට මොකද ඒ වගේ ලොකු තැනක අපි තවත් එක චරිතයක් පමනයි. දැන් හිතට අවුල් තියන වැඩ ටික කරල සැහෙන්න බෑ තව ලොකු වැඩ කරන්න ඕන.(කෝ අපිට වැඩ දෙන්නෙ නෑනෙ).
තාම මොලේ පැදුනේ නෑ.
මම පොඩි උසස්පෙල පන්තියක් කරනව දන්න දෙයක් කියල දීල අනිත් පැත්තටලැබෙන මුදලින් ගෙදරට බරක් නොවී ඉන්න.මේ ළමයගෙ තාත්ත ටිකක් පොරක්.පෞද්ගලික ආයතනයක උසස් තනතුරක් දරනව.එයා මගෙන් දවසක් ඇහුව පුතා කොහොමද අලුත් job එක කියල.තියන වැඩ්ස් ටික හිත්ට මදි කියන්නයැ.අතිනුත් පොඩ්ඩක් දාල කිව්ව මෙහෙමයි මෙහෙමයි කියල.එයා කියනව එයා වෘත්තිය පටන් අරගෙන තියෙන්නෙ Elephat House එකේ store keeper කෙනෙක් විදියටලු.කරපු දේවල් හරියට කරන්න ඇති.දන් ඉති dial එක වගේ ඉන්නවනෙ.අපි නම් යාවි පොඩි රස්සාවකට.අපිට හොඳට් ඕනනේ.මට ඇත්තටම ලැජ්ජ හිය්හුන මගේ ආකල්ප ගැන. සිර්ල කඩ්ඩෙන් කියපු දේ තේරුනේ පොලොවෙ පය ගහල ජීවත් වෙච්ච මිනිහෙල් කටින්ම කිව්වමයි.Like what you do or Do what you like
B.S

Friday, February 12, 2010

තවත් එක් කතාවක් වන්නට යන මාමගේ ජීවිත කතාව

මේක අපේ මාම කෙනෙක්ට මුහුන දෙන්න වෙච්ච් දෙයක්. මේක අපිට කතාවක් උනාට ඒ මනුස්සසයට මේක එයාගෙ යථාර්තය. මට උදේ පාන්දරම මේක ඇහිල හික් ගෑවුනා. සමහර විට typical කතාවක් වගේ පේන්නත් පුලුවන්. මම හොඳින්ම දන්න කෙනෙකුට වෙච්ච නිසා මට සංවේදී වැඩ්යි. සිද්ධියකට අපේ සමීපතාවය වැඩිවෙන තරමටනෙ ඒක අපට දැනෙන්නෙත්.
මාම රියදුරු ‍රැකියාවක් කලේ, අවුරුදු 30ක් විතර. මේ ලඟදි දවසක විශ්රාපම ගියා. විවේකය විනෝදය කරගෙන නිවාඩු පාඩුවෙ ඉන්න එයා ප්ලෑන් කරන් ඉන්නත් ඇති.එයාගෙ නෝන ‍රැකියාවක් කලේ නෑ. මාම දුර පළාතක ‍රැකියාව කරද්දි ළමයි බලාගෙන ගෙදර දොර පාලනය එයා තමයි කරේ.
මාම විශ්රාාම යද්දි ලමයි ලොකුයි.සමහර අය ‍රැකියා කරනවා.බාලම අය පාසල් අධ්යාපපනය ඉවර වෙන වයසටත් ඇවිත්. විශ්රාමම අරන් ගෙදර ආව කියමුකො, නෝනට මෙයාව රුස්සන්නෙ නැතුව ගිහින්.කාරන හැම වැඩේම පුංචි පුංචි අඩුපාඩු පේන්න අරන්. වැඩත් කලත් නිකන් හිටියත් මේ මනුස්සයට පොඩි පොඩි සද්ද වලට මුහුන දෙන්න වෙලා. කොටින්ම ගෙඩර අපායක් වෙන ගානට ඇවිත්. මාම එච්චර අසරන වෙන්න ඕනත් නැ එයාට විශ්රා ම වැ‍ටුපක් එහෙමත් ලැබෙනව. ඒත් මිනිහෙකුට තියන ලොකුම සතුට තමන් ගැන හොයා බලන්න අඩුම තරමේ එක් කෙනෙක්වත් ඉන්නව කියන හැඟීමනේ. කොහොමද තමන් ගැන බලන්න කවුරුවත් නෑ කියල හිතට ආවොත්. තමන් නොසැලකා හැරපු මිනිහෙක් කියල හිතුනොත්. අවාසනාවට ගෙදරින් ආපු පීඩනය නිසා මේ මනුස්සයට එහෙම හිතිල. කැතම සිද්දිය කියන්නෙ ලමයිනුත් ඔක්කොම අම්මගෙ මතයෙ පිහිටලා වැඩකරල තියෙන්නෙ. තාත්තට බනිනිනෙ නැතුව ඇති ඒත් අම්මව පාලනය කරගන්න කරදන්ඩ උස්මහත් වෙච්ච පුතාලට බැරි මොකද කියන එකයි මට හිතා ගන්න බේරි.
නොසලකා හැරීම දරාගන්න බැරුව එයා ගෙදර දාල ගිහින්.ආරන්චියක විදියටනම් තේ වත්තක ඉන්නවලු. හම්බ කරන්න නෙවේ හිතේ නිදහසින් (සතුටින්නම් නෙවී) වැඩක යෙදිල පොඩ්ඩිත්තක් සැහැල්ලුවෙන් ඉන්න.
ඒ මනුස්සයගෙ reaction එක හරිද කියන්න මට තේරෙන්නෙ නැ. මෛව මට ලැබුනු ආරන්චි මත පදනම් වෙලා හිතුවෙ.ගෙදර ගියාම අනිවා පොඩ්ඩක් හොයල බලන්න ඕන. මට හිතාගන්න බැරි ඈයි මිනිස්සුන්ට පොඩ්ඩක් flexible වෙලා තමන්ට ආදරය කරන ,කරපු අයට පොඩී සැනසිල්ලක් වෙන්න.
වයසට ගියාම දෙමවුපියන්ව ඇතැරල දාන කතා හැමතැනම අහන්න තියනව.ඒව typical කියමුකො (නිවැරදි නිසා නොවේ කොච්චර කතිකාවත් තිබුනත් ඒව වෙන නිසා). මට හිතාගන්න අමාරු මේ මනුස්සය විශ්රාවම ගිය ගමන්ම
අවලංගු කාසියක් වෙච්ච එක. හරිම ඛේදනීයයි.එයා ‍රැකියාව කරපු අවුරුදු 30 ම plan කරන්න ඇති විශ්රාිම ගියාම ගමේ ඉඳන් මෙහෙම කරනව ආදිය.
වේඩි දවසක් නොගිහින්ම එයා මවපු ලෝකෙ සුරංගනා කතාවක් උනාම හෆොයි dont.

Tuesday, February 9, 2010

නිදහස් අදහස්

ඔලුවට(හිතට) එක එක අදහස් එන එක පුදුමයක් නෙවෙයි. ප්‍රශ්නය තියෙන්නෙ අපි කොහොමද අපේ අදහස් ප්‍රකාශ කරන්නෙ කියන එකයි.මොකද පාර මැදට ගිහින් කෑගහන්නයැ.ඉතින් ඕකට පොත් පත්තර ගහන්න බැරි නිසා මට හිතුනා සයිබරය ප්‍රකාශන මාධ්‍යය කරගන්න. ගහට ගහක් මොර‍ටුවේදි හමුවෙනවා වගේ කාක්කොයි-කාක්කොයි මයිනොයි-මයිනොයි එකට එකතුවෙන්න, මේ ඉන්න සයිබරයේ ප්‍රජාව හොඳටම ඇති.එච්චරටම නියැඳිය ලොකුයි.ලෝකෙ වැරදි හොයන්න කලින් අඩුම තරමේ ස්වයං විවේචනයකින් අත්දැකීම් විවේචනය කරගන්න හරි පුලුවන්නෙ.......
අදහස් ප්‍රකාශ කිරීම ගැන කියන කොට මට මතක් උනා නෝමන් රොක්වෙල්(Norman Percevel Rockwell) ප්‍රසිද්ධ සිත්තරා(අරුණි ශපීරෝ මහත්මිය මෙයා ගැන වටින බ්ලොග් පෝස්‍ටුවක් ලියල තිබුනා).එයාගේ ප්‍රසිද්ධ සිතුවමක් තියනව
Freedom of speech කියල.චිත්‍රෙන් නිරූපනය වෙන දේවල් ඔයගොල්ලම බලාගන්නකො.


Freedom of speech-Norman Rockwell

අදට ඇති.
B.S