Showing posts with label සත්‍ය.... Show all posts
Showing posts with label සත්‍ය.... Show all posts

Friday, February 12, 2010

තවත් එක් කතාවක් වන්නට යන මාමගේ ජීවිත කතාව

මේක අපේ මාම කෙනෙක්ට මුහුන දෙන්න වෙච්ච් දෙයක්. මේක අපිට කතාවක් උනාට ඒ මනුස්සසයට මේක එයාගෙ යථාර්තය. මට උදේ පාන්දරම මේක ඇහිල හික් ගෑවුනා. සමහර විට typical කතාවක් වගේ පේන්නත් පුලුවන්. මම හොඳින්ම දන්න කෙනෙකුට වෙච්ච නිසා මට සංවේදී වැඩ්යි. සිද්ධියකට අපේ සමීපතාවය වැඩිවෙන තරමටනෙ ඒක අපට දැනෙන්නෙත්.
මාම රියදුරු ‍රැකියාවක් කලේ, අවුරුදු 30ක් විතර. මේ ලඟදි දවසක විශ්රාපම ගියා. විවේකය විනෝදය කරගෙන නිවාඩු පාඩුවෙ ඉන්න එයා ප්ලෑන් කරන් ඉන්නත් ඇති.එයාගෙ නෝන ‍රැකියාවක් කලේ නෑ. මාම දුර පළාතක ‍රැකියාව කරද්දි ළමයි බලාගෙන ගෙදර දොර පාලනය එයා තමයි කරේ.
මාම විශ්රාාම යද්දි ලමයි ලොකුයි.සමහර අය ‍රැකියා කරනවා.බාලම අය පාසල් අධ්යාපපනය ඉවර වෙන වයසටත් ඇවිත්. විශ්රාමම අරන් ගෙදර ආව කියමුකො, නෝනට මෙයාව රුස්සන්නෙ නැතුව ගිහින්.කාරන හැම වැඩේම පුංචි පුංචි අඩුපාඩු පේන්න අරන්. වැඩත් කලත් නිකන් හිටියත් මේ මනුස්සයට පොඩි පොඩි සද්ද වලට මුහුන දෙන්න වෙලා. කොටින්ම ගෙඩර අපායක් වෙන ගානට ඇවිත්. මාම එච්චර අසරන වෙන්න ඕනත් නැ එයාට විශ්රා ම වැ‍ටුපක් එහෙමත් ලැබෙනව. ඒත් මිනිහෙකුට තියන ලොකුම සතුට තමන් ගැන හොයා බලන්න අඩුම තරමේ එක් කෙනෙක්වත් ඉන්නව කියන හැඟීමනේ. කොහොමද තමන් ගැන බලන්න කවුරුවත් නෑ කියල හිතට ආවොත්. තමන් නොසැලකා හැරපු මිනිහෙක් කියල හිතුනොත්. අවාසනාවට ගෙදරින් ආපු පීඩනය නිසා මේ මනුස්සයට එහෙම හිතිල. කැතම සිද්දිය කියන්නෙ ලමයිනුත් ඔක්කොම අම්මගෙ මතයෙ පිහිටලා වැඩකරල තියෙන්නෙ. තාත්තට බනිනිනෙ නැතුව ඇති ඒත් අම්මව පාලනය කරගන්න කරදන්ඩ උස්මහත් වෙච්ච පුතාලට බැරි මොකද කියන එකයි මට හිතා ගන්න බේරි.
නොසලකා හැරීම දරාගන්න බැරුව එයා ගෙදර දාල ගිහින්.ආරන්චියක විදියටනම් තේ වත්තක ඉන්නවලු. හම්බ කරන්න නෙවේ හිතේ නිදහසින් (සතුටින්නම් නෙවී) වැඩක යෙදිල පොඩ්ඩිත්තක් සැහැල්ලුවෙන් ඉන්න.
ඒ මනුස්සයගෙ reaction එක හරිද කියන්න මට තේරෙන්නෙ නැ. මෛව මට ලැබුනු ආරන්චි මත පදනම් වෙලා හිතුවෙ.ගෙදර ගියාම අනිවා පොඩ්ඩක් හොයල බලන්න ඕන. මට හිතාගන්න බැරි ඈයි මිනිස්සුන්ට පොඩ්ඩක් flexible වෙලා තමන්ට ආදරය කරන ,කරපු අයට පොඩී සැනසිල්ලක් වෙන්න.
වයසට ගියාම දෙමවුපියන්ව ඇතැරල දාන කතා හැමතැනම අහන්න තියනව.ඒව typical කියමුකො (නිවැරදි නිසා නොවේ කොච්චර කතිකාවත් තිබුනත් ඒව වෙන නිසා). මට හිතාගන්න අමාරු මේ මනුස්සය විශ්රාවම ගිය ගමන්ම
අවලංගු කාසියක් වෙච්ච එක. හරිම ඛේදනීයයි.එයා ‍රැකියාව කරපු අවුරුදු 30 ම plan කරන්න ඇති විශ්රාිම ගියාම ගමේ ඉඳන් මෙහෙම කරනව ආදිය.
වේඩි දවසක් නොගිහින්ම එයා මවපු ලෝකෙ සුරංගනා කතාවක් උනාම හෆොයි dont.