Thursday, February 25, 2010

Like what you do or Do what you Like

මේක නම් ලියන්නම හිතුන මොකද මමත් පහුගිය සති දෙක තුනේ මේ සිද්ධිය හරියටම තේරුම් අරගෙන තිබුනෙ නෑ.දැනුත් තේරෙනවටම නෙමේයි ඒ උනාට මෙහෙම දෙයක් තියනව.
කොහෙන්ද පටන් ගන්නේ...........???
හරි....
අපි විශ්ව විද්‍යාලයේ දෙපාර්තමේන්තු වලට බෙදපු මුල් දවස් වල ගුරුවරු කියපු දෙයක් තමයි "Like what you do or Do what you like".ඒකට හේ තුව කාටත් ඕන වෙලා තිබුනෙ හොඳයි කියල සම්මතයේ තියන දෙපාර්තමේන්තු වලට පැනගන්න (ඒක මහ මුලාවක් කියල දැන් තමයි තේරෙන්නෙ). සමහර ළමයින්ට කැමති ඒවට යන්න බැරිවෙලා.තවත් අය ‍රැල්ලට අහුවෙලා දෙපාර්තමේන්තු වලට ගිහින් අතරමන් වෙලා.ඉතින් සර්ල කියපු කතාවෙ දල අදහස අපිට කරන්න වෙන්නෙ අපි සතු‍ටුම දේ නෙවෙයි එක්කො ඔබ තනියම ඔබේ මාර්ගය හදාගන්න නැතිනම් කරනා දෙය හරියට කර සතු‍ටුවන්න වගේ දෙයක් තමයි.
අපිට කොහෙද ඕව තේරෙන්නෙ ඒ කාලෙ.
දැන් මේ පෝස්ට් එක ලෝකෝපකාරයේ මුහුනුවර ගන්නයි යන්නෙ වඩේ අවුල්...
මෙතන තියන හොඳ දේ ඒක නෙවෙයි.මේ දවස් වල අපි විශ්වවිද්‍යාල පාටමාලාවෙම කොටසක් වන Industrial Training සඳහා ආයතන වලට යොමු කරල.අමුතුවෙන්ම් කියන්න ඕන නැනෙ එතනත් පොරේ තමයි.ටිකක් ලොකු රටේ පිලිගත් ආයතනයක වාඩ කරන්නත් ලැබුන කියමුකො. ලෝකෙට ලොක්ක වගේ ගියාට මොකද ඒ වගේ ලොකු තැනක අපි තවත් එක චරිතයක් පමනයි. දැන් හිතට අවුල් තියන වැඩ ටික කරල සැහෙන්න බෑ තව ලොකු වැඩ කරන්න ඕන.(කෝ අපිට වැඩ දෙන්නෙ නෑනෙ).
තාම මොලේ පැදුනේ නෑ.
මම පොඩි උසස්පෙල පන්තියක් කරනව දන්න දෙයක් කියල දීල අනිත් පැත්තටලැබෙන මුදලින් ගෙදරට බරක් නොවී ඉන්න.මේ ළමයගෙ තාත්ත ටිකක් පොරක්.පෞද්ගලික ආයතනයක උසස් තනතුරක් දරනව.එයා මගෙන් දවසක් ඇහුව පුතා කොහොමද අලුත් job එක කියල.තියන වැඩ්ස් ටික හිත්ට මදි කියන්නයැ.අතිනුත් පොඩ්ඩක් දාල කිව්ව මෙහෙමයි මෙහෙමයි කියල.එයා කියනව එයා වෘත්තිය පටන් අරගෙන තියෙන්නෙ Elephat House එකේ store keeper කෙනෙක් විදියටලු.කරපු දේවල් හරියට කරන්න ඇති.දන් ඉති dial එක වගේ ඉන්නවනෙ.අපි නම් යාවි පොඩි රස්සාවකට.අපිට හොඳට් ඕනනේ.මට ඇත්තටම ලැජ්ජ හිය්හුන මගේ ආකල්ප ගැන. සිර්ල කඩ්ඩෙන් කියපු දේ තේරුනේ පොලොවෙ පය ගහල ජීවත් වෙච්ච මිනිහෙල් කටින්ම කිව්වමයි.Like what you do or Do what you like
B.S

4 comments:

  1. අපි ගොඩක් දෙනෙකුට Do what you like වලට අවස්ථාව ලැබෙනවා අඩුයි. ඒක නිසා හොඳම දේ Like what you do තමයි.

    ReplyDelete
  2. ඒක නම් ඇත්ත ඒ උනාට dials නම් කරල තියෙන්නෙ Like What you do කියන එක
    මම කිව්වට මටත් එහෙම බෑ.ඒ පාර හරිම දුෂ්කරයි

    ReplyDelete
  3. //ඒකට හේ තුව කාටත් ඕන වෙලා තිබුනෙ හොඳයි කියල සම්මතයේ තියන දෙපාර්තමේන්තු වලට පැනගන්න (ඒක මහ මුලාවක් කියල දැන් තමයි තේරෙන්නෙ)//

    දැන්වත් ඒක තේරුම් ගත්ත එක හොඳයි මල්ලියා. කැම්පස් එකේ පළවෙනි වසර අවසාන වෙනකොට හැමෝම රැල්ලට යනවා. බොහොම ටික දෙනයි කැමති දෙපාර්තමේන්තුවට යන්නෙ.

    මට හිතෙන විදියට ඕකට හේතුව industry & career options ගැන නොදැනුවත්කම.

    ReplyDelete